මේ අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජිවිතයෙන් සමුගත්තා.
කැලණියේ පමුණුවිල ගෝනවල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි ලියනගේ කැළුම් තුෂාර සිල්වා නමැති දෙදරු පියත් ඒ අතර වුණා.
සිය දයාබර සැමියාගේ හදිසි වියෝවෙන් බරපතළ ලෙස කම්පාවට පත්වී දරාගත නොහැකි කම්පනය හේතුවෙන් ඔහුගේ බිරිද වන ලියන මොහොට්ටිගේ රසෝමා හසන්ති කබ්‍රාල් මහත්මිය හදිසියේම ඇතිවූ හර්ද්‍යාබාධයකින් කොළඹ පෞද්ගලික රෝහලකදී මියගොස් තිබෙනවා.
සැමියාගේ දේහය නිවසට ගෙන ඒමෙන් පසුව ඇය ඒ අසළ සිට මහත් කම්පාවෙන් තමා ද පැමිණෙන බව පවසා ඇත.



















