BREAKING NEWS
Search

කුණු වලටත් බද්දක්

119

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මාතලේ මහ නගර සභාව එම නගර සභා බල ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනවලින් කසළ බද්දක් අය කිරීමට චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

මාතලේ මහ නගර සභා බල ප්‍රදේශය ආපනශාලා තොග හා සිල්ලර වෙළෙඳසල් ආදි වශයෙන් වෙළෙඳසල් වර්ගීකරණය කර එක් එක් වෙළෙඳසල්වලින් විවිධ කසළ බදු මුදල් අය කර ගැනීමට මේ වන විටත් නගර සභා පරිපාලන අංශය  දැනුම් දී ඇති බව වෙළෙඳසල් හිමියෝ පැවැසුහ

ඒ අනුව ආපනශාලා හෝටල් හා බේකරි සඳහා මාසිකව රුපියල් 15000ක මුදලක් ද  සැලුන් සඳහා මාසිකව රුපියල් 3000ක මුදලක්  ද  අය කර  කෙරෙනු ඇත.

නගර සභාවට වරිපනම් ගාස්තු වෙළෙද බලපත්‍ර ගාස්තු අධික විදුලි බිල් ජල බිල් ගෙවීමෙන් පීඩාවට පත්ව ඇති මෙවන් මොහොතක මෙසේ කසළ බද්දක් අය කිරීමට මහ නගර සභාව ගෙන ඇති තීරණයෙන් මහත් පීඩාවට පත්ව ඔවුන් කබලෙන් ළිපට ඇද වැටී ඇති හෙයින් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කර තමන්ට සාධාරණයක් ඉටුකර දෙන මාතලේ සිංහල වෙළෙඳ පෙරමුණේ සභාපති කුමා සමරසිංහ මහතා පැවසීය.

මේ පිළිබඳව මාතලේ නාගරික කොමසාරිස් නිශාන්ත මාදුවගේ මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ පැවැසීය.

මහ නගර සභා සේවකයන්ගේ වැටුප් ගෙවීමේදී සීයට විස්සක මුදලක් එම ආයතන දැරිය යුතු බවට මධ්‍යම රජය දන්වා තිබෙනවා.මේ නිසා මාතලේ මහ නගර සභා සේවකයන්ට වැටුප් ගෙවීමට මිලියන 50ක පමණ මුදලක් උපයා ගැනීමට සිදුව ඇති බැවින් මහ නගර සභාවේ පරිපාලන අංශය ගත් තීරණයකට අනුව මෙම  චක්‍රලේඛය නිකුත් කළා යැයි ද කීය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *