BREAKING NEWS
Search

පාසල් ගුරුවරියකගේ රුවට වෙනත් ඇඟක් බද්ධ කරලා… ගෝලයාට වැඩ වරදියි…

257
පාසල් ගුරුවරියකගේ රුවට නිරුවත් රුවක්  බද්ධ කළ බව කියන එම පාසලේම සිසුවකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අද නියේග කළේය.

වැඩිදුර විභාගයට මෙම නඩුව අගෝස්තු මස 28 නැවත කැඳවන ලෙසත් ද නියම කළේය.

එමෙන්ම පරීක්ෂණවලට කිසිදු බාධාවක් සිදු නොකරන ලෙසත් සංස්කරණය කළ ඡයාරූප කිසිදු වෙනසකට භාජනය නොකරන ලෙසත් ඇප කොන්දේසි නිකුත් කරමින් එම කොන්දේසි අනුව කටයුතු නොකළහොත් නඩු කටයුතු අවසන්වනතෙක් ඇප අවලංගුකර රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් සැකකරුට දැඩිසේ අවවාද කළේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත්කරමින් කුලියාපිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරි මහේෂ් කුමාරසිංහ මහතා පැවසුවේ මෙම සිද්ධිය හේතුවෙන් අදාළ ගුරුවරිය මානසික වියවුලෙන් පසුවන බවයි.

සියදිවි හානිකර ගැනීමේ අවදානමක් පවා ඇතිබැව් කී ඒ මහතා සැකකරු එම සංස්කරණය කළ සේයාරූ මුහුණුපොතේ අමඊඨය දර්ශන අඩංගු සමූහයක හා ටෙලිග්‍රෑම් ජාලයේ සමූහයක ගුරුවරියගේ දුරකථන අංකය සඳහන් කරමින් පෝස්ටු පළකර තිබූ බවද අධිකරණයට වැඩිදුරටත් කරුණු දැක්වීය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *