BREAKING NEWS
Search

අසරණ පවුලක් තවත් අසරණ වූ හැටි

193

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

උපතින්ම දෙබිඩි දියණියන් දෙ‍දෙනෙකු නඩත්තු කිරීමට හා ඔවුන් දෙදෙනා ශරීරයෙන් වෙන්කිරීමට පිහිටක් ඉල්ලා සිටින මා පිය යුවළක් ගැන තොරතුරු අපට අරණායක ප්‍රදේශයෙන් වාර්තා වුණි.

අරණායක, උඩගම ග්‍රාම නිලධාරී වසමේ ජීවත් වන මෙම දියණියන් දෙදෙනා තුන් හැවිරිදි වියේ පසුවේ.

උපතින්ම ශරීරයේ ඉන කොටසින් එකට බද්ද වී ඇති මොවුන් රැකබලා ගැනීම මෙන්ම ඔවුන්ට නිසි පෝෂණයක් ලබාදීමට තරම්වත් මෙම දෙමාපියන්ට ශක්තියක් නොමැත.

දරු දෙදෙනා සිටින මෙම තත්ත්වය නිසා දෙමාපියන් අද වනවිට අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටී.

පුංචි දියණියන්ට අවුරුදු 4ක් වීමට මත්තෙන් ඔවුන්ගේ ශරීරය වෙන්කිරීමේ ශල්‍යකර්ම සිදුකළ යුතුව ඇති අතර, ඒ සඳහා වෛද්‍යවරයෙකු සොයාගැනීම පවා මොවුන්ට අද වනවිට සිහිනයක් වෙලා.

මේ අහිංසක පුංචි පැටවුන්ගේ ජීවිතය රැකගන්න ඔබටත් හැකි පමණින් දායක විය හැකි නම් එය මහත් කුසල කර්මයක් වනු නොඅනුමානය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *