BREAKING NEWS
Search

මධුසමය ගත කිරීමට ලොව හොඳම රටවල් අතර ශ්‍රී ලංකාවට ලැබුණු තැන මෙන්න

245

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මධුසමය ගත කිරීම සඳහා ලොව හොඳම රටවල් 20 අතරින් ශ්‍රී ලංකාවට 5වැනි ස්ථානය හිමිව තිබෙනවා.

ඒ අනුව, එන්ජෝයි ට්‍රැවල් නම් ජාත්‍යන්තර වෙබ් අඩවියේ නිකුත් කළ නවතම වාර්තාවේ පළමු ස්ථානය හිමිව ඇත්තේ තායිලන්තයටයි.

එහි සුඛෝපභෝගී නිවාඩු නිකේතන, මනරම් වෙරළ අත්දැකීම්, දියඇළි, දූපත් සහ වනාන්තර අත්දැකීම්ද ලබා ගත හැකි වීම එම ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය හිමි කර ගැනීමට හේතු සාධක වී තිබෙනවා.

එමෙන්ම, මෙහිදී ශ්‍රී ලංකාවට පස්වන ස්ථානය හිමිවීමට හේතු සාධක වී ඇත්තේ මීදුම් සහිත කඳු, විචිත්‍රවත් තේ වතු, අලංකාර වෙරළතීරයන් සහ වනාන්තර අත්දැකීම්වලින් සමන්විත වීමයි.

මීට අමතරව, මෙරට ආකර්ශණීය ස්ථානයක් වන ගාල්ල නගරයද එම ශ්‍රේණිගත කිරීම්හි දී සැලකිල්ලට ගෙන ඇති බව සඳහන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *