BREAKING NEWS
Search

මට විදෙස් රටකින් රැකියා අවස්ථාවක් ලැබුණෙ මූලික වැටුප විතරක් ලක්ෂ පහළොවක් එක්ක… – එමාෂා සෙනෙවිරත්න

858

එමාෂා සෙනෙවිරත්න කියන්නේ නවක ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක්.

දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා ඇය අතිශයින් ජනප්‍රිය වුණා.

ඇයගේ අධ්‍යාපන පසුබිම ගැන පසුගිය කාලයේ සමාජ මාධ්‍යයේත් කවුරුත් වගේ කතා කරලා තිබුණා.

වෘත්තීය වශයෙන් ව්‍යාපාර කළමනාකරණය සහ ව්‍යාපාර පරිපාලනය හදාරා ඇති ඇය කලාව තුළ දක්වන දස්කම් ද සුවිශේෂියි.

”මේ වෙද්දි කලාවට පිවිසෙන බොහෝ දෙනෙකුට ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිතයි. කලාව කියන්නෙත් අනිවාර්යයෙන්ම ඉගෙනගත යුතු විෂයයක්. වෘත්තීය පැත්තෙන් ගත්තොත් මං අයිති ව්‍යාපාර කළමනාකරණය සහ ව්‍යාපාර පරිපාලනය පැත්තට. මේ වෙද්දි මං අයර්ලන්තයේ විද්‍යාවේදී කළමනාකරණ ගෞරව උපාධිධාරිනියක්. ඒ වගේම එංගලන්තයේ ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරිනියක්. කලාවට මං සම්බන්ධ වෙලා ඉන්නෙ විනෝදාංශයක් විදිහට. කලාවෙන් මට ගොඩක් දේවල් ලැබුණා. ඒ වගේම මාත් කලාව වෙනුවෙන් බොහෝ දේ කැප කළා. මුලින්ම මං විශ්වවිද්‍යාලයක කවුන්සිලර් කෙනෙක් විදිහට වැඩ කරන ගමන් තමයි කලාවත් එක්ක සම්බන්ධ වුණේ.

ඒත් කලාවත් එක්ක කාර්යබහුල වෙද්දි මට රැකියාව අතාහරින්න වුණා. ඒ වගේම මට විදෙස් රටකින් රැකියා අවස්ථාවක් ලැබුණෙ මුලික වැටුප විතරක් ලක්ෂ පහළොවක් එක්ක. ඒත් නිර්මාණයවත් අධ්‍යක්ෂවරයාවත් චැනල් එකවත් අතරමං කරන්න බැරි නිසා මං ඒ අවස්ථාව අතහැරියා. දැනට සම්බන්ධ වෙලා ඉන්න නිර්මාණ ඉවර කරලා ඉදිරියේදී කලාවෙන් ටිකක් ඈත් වෙලා නැවතත් රැකියාව පැත්තට යොමුවීමේ බලාපොරොත්තුවක් තියෙනවා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *