BREAKING NEWS
Search

ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ගිය මවට මාරාන්තික බැක්ටීරියාවක්

197

ඕස්ට්‍රේලියාවේ වාසය කරන සිය දියණිය බැලීමට ගිය ශ්‍රී ලාංකික කාන්තාවකට මාරාන්තික බැක්ටීරියාවක් ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

බුරූලි අල්සර් නම් මෙම රෝගය වැළඳෙන පුද්ගලයකුගේ හම එම රෝගයට මුල්වන බැක්ටීරියාව විසින් කා දමනු ලබන බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කළේය.

74 හැවිරිදි එම සිය දියණිය දියණිය සහ ඇයගේ පවුලේ සුවදුක් බැලීමට පසුගිය ජනවාරි මාසයේදී ඕස්ට්‍රේලියාවට පැමිණ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

සය මාසයකට ආසන්න කාලයක් සිය දියණියගේ නිවසේ රැඳී සිටිමින් කාමෙල් ඕස්ට්‍රේලියාවේ සිරි නරඹා ඇතැයි එරට මාධ්‍ය සඳහන් කළේය.

පසුගිය මාසයේ දිනකදී කාමෙල් වේදනාවෙන් කැ ගාසා ඇති බවත් එම අවස්ථාවේදී ඇයගේ එක් අතක් ඉදිමී නිල්පැහැ ගැන්වී තිබී ඇති බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය පැවැසුවේය.

එම අවස්ථාවේදී ඇයට දියණිය පැනඩෝල් ලබාදී ඇති නමුත් ඉන්  රෝගී තත්ත්වය සුව අතට හැරී නොමැති බවත් අනතුරුව  ඇය රෝහල් ගත කර ඇති බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය. මුලදී වෛද්‍යවරුන්ට කාමෙල්ට ආසාදනය වී ඇති බැක්ටීරියාව හඳුනා ගැනීමට නොහැකි වී ඇති බවත් අත පණ නැතිවීම හේතුවෙන් ශල්‍යකර්මයක් මගින් ඇයගේ අත ඉවත් කිරීමට වෛද්‍යවරුන් ක්‍රියාකර ඇති බවත් එරට මාධ්‍ය සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *