BREAKING NEWS
Search

රැකියා ඇබෑර්තු දැන්වීම් පළ කර කාන්තාවන් ගෙන්වාගෙන සිර කරගන්නා ජාවාරමක් එලියට.

175

වසර 4ක් තිස්සේ රැකියා ඇබෑර්තු දැන්වීම් පළ කර කාන්තාවන් නිවසට ගෙන්වා විවිධ ලිංගික ක්‍රියාකාරකම්වල යෙදවූ යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස පැමිණෙන කාන්තාවක්  සිර කර විවිධ ලිංගික ක්‍රියාකාරකම්වල යොදවා ඒවා වීඩියෝගත කර මුදලට අලෙවි කිරීම මෙම යුවළ විසින් සිදුකර ඇති බව පැවසෙයි.

සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගේගොඩ ළමා හා කාන්තා අපරාධ නිවාරණ කාර්යාංශය විසිනි.

මීට දින කිහිපයකට පෙර නුගේගොඩ පිහිටි මෙම නිවසට පැමිණ අදාළ සිදුවීමට මුහුණදී නිවසෙන් පැනගිය බදුල්ල සහ වැල්ලේගෙදර පදිංචි කාන්තාවන් දෙදෙනෙකු කළ පැමිණිලි අනුව සිදුකළ වැටලීමකදී මෙම යුවළ අත්අඩංගුවට ගෙන තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *