BREAKING NEWS
Search

ජනප්‍රිය ‍රංගන ශිල්පිනියක් නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටියදී අත්අඩංගුවට

517
මේ කියන්න යන්නේ ජනප්‍රිය නිළියක් ගැන තමයි මේ කතාව.

රාත්‍රීයේ පැවති සාදයක් අතරතුර තෙළිඟු නිළි හේමා බැංගලූර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොකේන්, ගංජා ඇතුළු නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කිරීම සහ ළඟ තබා ගැනීම හේතුවෙන් මෙසේ ඇයව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂණ ඔස්සේ අනාවරණය වී ඇත්තේ ඇය මෙම නීති විරෝධී මත්ද්‍රව්‍ය පානය කර සිට ඇති බවයි.

කෙසේ වෙතත් මෙම සාදයට නීති විරෝධී මත්ද්‍රව්‍ය රැගෙන ආවේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

සාදයට පැමිණි 101 දෙනෙකු පොලිසිය විසින් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කර ඇති අතර ඔවුන්ගෙන් හේමා ඇතුළු 86 දෙනකුම නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කළ බව පරීක්‍ෂණවලින් තහවුරු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ සාදයේ දී නීති විරෝධී මත්ද්‍රව්‍ය විශාල තොගයක් පොලිසිය සිය භාරයට ගෙන ඇති බවයි.

Telugu Character actress Joins BJP




Leave a Reply

Your email address will not be published. Required fields are marked *