ඒ අනුව රියදුරු බලපත්‍රය, ආදායම් බලපත්‍රය, වාහන රක්ෂණය, විමෝචන සහතිකය රියදුරන් රැගෙන යා යුතු ලේඛනයක් ලෙස දක්වා තිබෙනවා.
එමෙන්ම බර වාහන සඳහා වාහනයට අදාළ යෝග්‍යතා සහතිකයක් අවශ්‍ය වන බවයි එහි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මාර්ගයේ ගමන් කිරීමට පෙර එම ලියකියවිලි තිබේදැයි පරීක්ෂා කර බලන ලෙසයි.





















