තේ කර්මාන්ත ශාලාවක් ගිනිගෙන විනාශ වෙයි

190

නාවලපිටිය කුරුදුවත්ත පොලිස් වසමට අයත් කුරුඳුවත්ත ගල්පාය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව කුරුදුවත්ත පොලිසිය පැවසනවා.

තේ කර්මාන්ත ශාලාවේ වැඩ කරමින් සිටින අවස්තාවේ අද (07) දින අලුයම 3.45ට පමණ පහල මහලින් හටගත් ගින්න තුන්වන මහල දක්වාම පැතිර ගොස් තේ කර්මාන්ත ශාලාව සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.

අප වාර්තාකරු සඳහන් කළේ ගින්න හටගත් අවස්තාවේ තේ කර්මාන්ත ශාලාව තුළ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු සහ කම්කරු පිරිසක් සේවය කරමින් සිට ඇති බවත්, ගින්නෙන් කිසිවෙකුට අනතුරක් සිදු වි නොමැති බවයි.

ගින්නෙන් තේ කර්මාන්ත ශාලාවේ ගබඩා කර තිබු නිමි තේ කොළ විනාශ වි ඇති බවත්, පැතිර ගිය ගින්න ප්‍රදේශවාසින් සහ වතු කම්කරුවන් එක්ව පාලනය කිරිමට උත්සහ කර ඇතත් එය ව්‍යාප්ත වු නිසා මහනුවර මහ නගර සභාවේ ගිනි නිවිමේ භට පිරිස් කැඳ ගින්න පාලනය කිරිමට කටයුතු කලත්, ගින්නෙන් තේ කර්මාන්ත ශාලාවට විශාල වශයෙන් හානි සිදු වී තිබෙනවා.

කුරුදුවත්ත පොලිසියේ වැඩිදුරටත් සඳහන් කරන්නේ ගින්න හටගැනිමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර , ගින්නට හේතුවට සොයා ගැනිම සදහා රජයේ රස පරික්ෂකවරයාගේ සහය ලබා ගැනිමට කටයුතු කරන බවත්, ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *