BREAKING NEWS
Search

මොටර් රිය අඩි 200ක් පහළට

199

එකම පවුලේ පිරිසක් ගමන් ගත් මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක් ප්‍රපාතයෙන් පිහිටි කාසල්රි ජලාශය අසලට පෙරලිමෙන් එම මොටර් රථයේ ගමන් ගත් එක් කාන්තාවක් තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

හැටන් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදි මෙම අනතුර සිදුව තිබේ.

මස්කෙලිය ප්‍රදේශයේ අවමංගල උත්සවයකට සහභාගි වි ආපසු කොළඹ ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශය දක්වා ධාවනය කරමින් තිබු මොටර් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට පැමිණි බස් රථයකට ඉඩ ලබාදිමට යාමේදි මොටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බව පොලීසිය සඳහන් කළේය.

මොටර් රථය අනතුරට පත් වන අවස්තාවේ මොටර් රථය තුල කුඩා ළමයෙකු ඇතුළු සිව්දෙනෙකු ගමන් කර ඇති බවත්, එම සිව්දෙනාම වාහනයේ ආරක්ෂක බද පටි පැළද සිටි නිසා අනතුරෙන් එක් අයෙකුට පමණක් සුළු තුවාල සිදු වි ඇති බව පොලිසිය පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *