හැරී පෝටර් කතුවරියට මරණ තර්ජන කළ පුද්ගලයාට ලැබුණු දඬුවම

185

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

හැරී පෝටර් කතුවරිය වන ජේ.කේ රෝව්ලින්ග් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි ඩෆීර්ට මරණීය තර්ජන එල්ල කරමින් අන්තර්ජාල පණිවුඩ පළ කළ පුද්ගලයෙකුට දඬුවම් නියම කර තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, 31 හැවිරිදි ගැලන් මුලන් නැමති මෙම පුද්ලගයා ජේ.කේ රෝව්ලින්ග් මහත්මියට මිටියකින් පහරදී ඝාතනය කරන බවට තර්ජනය කර ඇති බවය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි ඩෆීර්ට වෙඩි තබා ඝාතනය කරන බවට ප්‍රකාශ කර ඇති බවට වෙස්මිනිස්ටර් අධිකරණයේදී අනාවරණය වී තිබේ.

පැවති නඩු විභාගයකදී තර්ජනාත්මක පණිවුඩ යැවීම සම්බන්ධයෙන් චෝදනා දෙකක් ගැලන් මුලන් විසින් පිළිගත් අතර අත්හිටවූ සිරදඬුවම් දෙකක් ද ඔහුට නියම වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *