රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාම ස්ථූපයේ සවිකොට තිබෙන ඉහළ වටිනාකමකින් යුත් අකුණු සන්නායකය ගැලවීමට සැලසුම් කළ සිද්ධියට ප්‍රසිද්ධ ගායන ශිල්පියෙක් ඇතුළු සැකකරුවන් පස්දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් ජේතවන ස්ථූපයේ කොත් කැරැල්ලේ සිට භූගත ස්ථරය දක්වා සවිකොට තිබෙන තඹ ලෝහයෙන් නිමැවුණු අකුණු සන්නායකයේ භූගත කොටසේ ඇති අකුණු තැන්පත් වන ලෝහමය කොටසේ පරමාණුක බලයක් සහිත කිසියම් රසායනික ද්‍රව්‍යයක් තැන්පත් වී තිබේදැයි පරීක්ෂා කිරීමට දාගැබේ අකුණු සන්නායකය සවිකොට තිබෙන ස්ථානය අසලට යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි උඩමළුව පොලිසිය පවසා සිටියේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගායන ශිල්පියෙකු යැයි කියන මැදවල ලේකම්ලාගේ මංජුල පුෂ්පකුමාර දයාරත්න, දොන් ගයාන් මංජුල වික්‍රමසේකර, වාසල පේලිගේ රුෂාන් මධුෂංක ගුණර්වධන, දොමිනික්කු හේවාගම ආරච්චිගේ රුවන් නිරෝෂන් ලක්ප්‍රිය පෙරේරා, බුවනෙක හිත්තර නයිඳේලාගේ සාලිත සුනෙත් බුවනෙක, රත්නාදීපතිගේ සුනිල් ශාන්ත, ඕවලවත්තේ ගෙදර සමීර තරිඳු මධුසංක යන අයයි.
අත්අඩංගුවට පත් පිරිස වයස අවුරුදු 23 ත් 56 ත් අතර වයස් සීමාවල පසුවන අය බවයි වාර්තා වෙන්නේ.
අදාළ සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පොලීසිය හමුවේ පවසා ඇත්තේ අකුණු සන්නායකයේ අකුණු තැන්පත් වන භූගත කොටසේ සවි කොට තිබෙන එම ලෝහමය කොටස ගලවා ඉවත් කරගතහොත් රුපියල් කෝටි පන්සියයකට පමණ විදේශීය ජාවාරම්කරුවන්ට අලෙවි කළ හැකි බවයි.
Source : Hirunews




















