BREAKING NEWS
Search

ලියුමකුත් ලියලා හෝමාගම ගුවන් පාලම උඩින් අධිවේගී මාර්ගයට පැන්න සරසවි සිසුවා ගැන ඇහෙන හිතා ගන්න බැරි කතාව මෙන්න

440

19 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ගුවන් පාලමෙන් අධිවේගී මාර්ගයට වැටී මියයාමේ සිදුවීමක් පසුගියදා වාර්තා විය.

එය සියදිවිනසාගැනීමක් බවට සැකකරන සාක්ෂිද මේ වනවිට හමුව තිබේ.

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් 1 දශම 2 කණුව අසල හෝමාගම රෝහල ආසන්නයේ ගුවන් පාලම මත සිට අධිවේගී මාර්ගයට මොහු සැකකටයුතු ලෙස වැටී තිබූ අතර එම අවස්ථාවේ මාතර බලා ගමන් කරමින් තිබූ මෝටර් රථයකද ගැටී තිබේ.

සිද්ධිය නිසා තරුණයා මිය ගිය බව අධිවේගී මාර්ග අතුරුගිරිය අනුපාලක මධ්‍යස්ථානය සඳහන් කර තිබුණි.

පසුගිය මැයි 23 වනදා රාත්‍රී 7.00 ට පමණ මෙම සිද්ධිය සිදුව ඇත. වැටීමෙන් පසු මෝටර් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි පාදුක්ක ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටි මෙනාත් බානුජ නමැති සිසුවෙකි.

සිද්ධියෙන් පසුව පොලිසිය සිසුවාගේ නිවස පරීක්ෂා කළ අතර නිවසේ තිබී සියදිවි නසා ගැනීමේ චේතනාව දැක්වෙන සටහනක් හමුව තිබූ බවද වාර්තා කර තිබේ.

ඉංග්‍රීසියෙන් ලියන ද ලිපියෙහි තමන්ගේ පුද්ගලික ගැටලුවක් ගැන සඳහන් කර තිබූ අතර තමන් සියදිවිනසාගන්නා බව සටහන් කර තිබී ඇත.

මේ අනුව තරුණයා පාලම වෙත හිතාමතා ගොස් සියදිවි නසා ගැනීමක් සිදුකර ඇතිබවට සැකකරන බව පොලිසිය පවසයි.

අනතුරට සම්බන්ධ මෝටර් රථයට හානි සිදුවී ඇති අතර, වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියට සම්බන්ධ තත්ත්වයන් තහවුරු කර ගැනීම සඳහා පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *