BREAKING NEWS
Search

සියලුදෙනාගේ සමාජ මාධ්‍ය තහනමකට ලක්වෙනවා – සමාජ මාධ්‍ය තහනමක් ගැන හරීන්ගෙන් අනතුරු ඇඟවීමක්

241

ඇතැම් විද්‍යුත් මාධ්‍ය ද යොදාගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවට විනාශකාරී ලෙස පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව නෛතික පියවර ගැනීම අරඹා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ගොල්ෆ් ඇකඩමිය විවෘත කිරීමේ ඊයේ (26) පැවති උත්සවයකට සහභාගී වෙමිනේ.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවුසවේ සමාජ මාධ්‍ය නියාමන පනත හරහා නෛතික පියවර ගන්නා බවයි.

හරීන් ප්‍රනාන්දු මහතා,

“සමාජ මාධ්‍ය කිහිපයක් ආයෙත් සූදානම් වෙලා ක්‍රිකට්වලට මඩ ගහන්න. ගොඩක් අය අද නොදන්න දේ මේ දඹුල්ල සිද්ධිය නිසා මටත් සනත් ජයසූරියටත් චෝදනා කරනවා. ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකය 2019 දී පිහිටුවූයේ මමයි. ලෝකේ නැති නීතියක් ලංකාවේ තිබීමම අපිට ශක්තියක්. අලුතෙන් ගෙනාපු ON LINE පනත හරහා මඩ ගහන සියලුදෙනාට නඩු පවරනවා. සියලුදෙනාගේ සමාජ මාධ්‍ය තහනමකට ලක්වෙනවා. එකම චෝදනා කරන කට්ටියක් එකම නාලිකාවක් අල්ලගෙන අපිට මඩ ගහනවා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *