තම කුළුඳුල් දරුවා ඉපදුණ පසු තමන්ට නොපෙන්වා පැය කීපයකට පසු දරුවා මියගිය බව රෝහල් බලධාරීන් පැවැසූ බවත් එය කිසිසේත් පිළිගත නොහැකි දෙයක් බවත් වැලිගම යද්දෙහිවත්ත කොහුණුගමුවේ 23 හැවිරිදි මවක් හඬා වැලපෙමින් පැවසුවාය
තමා ඉකුත් 24 වැනිදා අලුයම 2.40 ට පමණ දරුවා බිහි කළ බවත් පසුවදා අලුයම දරුවා මියගිය බව පැවැසූ බවත් ඇය කීවාය
තම දරුවා තමාට නොපෙන්වාම රෝහල් බලධාරීන් වළ දමූ බවට ඇය චෝදනා කළාය
තමාගේ කුළුඳුල් දරුවා වෙනුවෙන් සාධාරණයක් ඉටුකර දෙන්නැයි වැලිගම පදිංචි එම තරුණ යුවළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
ඩබ්ලිව්. ඒ. කාවින්ද්‍යා මදුශානි (23 ) තරුණිය සිය කුළුඳුල් දරුවා බිහිකිරීම සඳහා පෞද්ගලික වෛද්‍යවරයකුගේ උපදෙස් මත ඉකුත් 22 වැනිදා රාත්‍රි 11:30 ට පමණ මාතර කොටවිල නව දිස්ත්‍රික් රෝහලට යොමුකර ඇත.
පසුව ප්‍රතිකාර වශයෙන් ඖෂධ ලබා දුන් බවත් ඉකුත් 24 වැනිදා අලුයම එකයි තිස්පහට පමණ ඇයට අමාරු බවට නිවෙසට පණිවිඩයක් ලබා දුන් බවත් 2.41 ට පමණ දරුවා ලැබී තිබුණ බවත් කියති.
එහෙත් එම දරුවා නැතිවී ඇති බවත් දරුවාගේ අවසන් කටයුතු කිරීමට මාතර පොදු සුසන භූමියේ තැන්පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට නගර සභාවට මුදල් ගෙවා රිසිට්පත රැගෙන එන ලෙස දන්වා තිබෙන බවත් පවසා ඇත.
ඒ අනුව අවසන් කටයුතු සිදු කිරීම සඳහා 24 වැනිදා යොදා ගෙන තිබූ අතර මතක වස්ත්‍ර පූජාව සඳහා ස්වාමීන් වහන්සේලාටත් ආරාධනා කර තිබිණි.

















