BREAKING NEWS
Search

රිය අනතුරින් අයෙක් මරුට. දහයක් රෝහලට

297

පාදෙනිය අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව පාළුකඩවල හන්දිය අසල ප්‍රදේශයේ  අද (26 ) සිදු වූ රිය අනතුරකින් එක් අයකු මිය ගොස් තවත් දස දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

කුරුණෑගල  දෙස සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ වන්දනාකරුවන් පිරිසක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී එම අනතුර සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූවන් ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර  ඉන් සිව් දෙනෙකු  වැඩි වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ.

එම අනතුරට හේතුව රියදුරට නින්ද යාම බව පොලිසිය සැක කරයි.ගල්ගමුව පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *