BREAKING NEWS
Search

බිරිද සහ සොහොයුරා එකතු වී සැමියාට කල අපරාධය

279

තම සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ රසායන ද්‍රව්‍යයක් දමා ඔහු ඝාතනය කිරීමේ චෝදනාවට බෙලිඅත්ත කොස්ගහගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තිදරු මවක් සහ එයට අනුබල දුන් ඇයගේ සොහොයුරෙකු අද (25) දහවල් අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසයි .

ඉකුත් 20 දා සිය නිවසේ මත්පැන් පානය කරමින් සිටියදී ඇතිවූ රෝගී තත්ත්වයක් මත සැකකාරියගේ සැමියා මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු විෂ ශරීර ගත වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනාවරණය වූ බව පොලිසිය පවසයි .

ඒ අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඇය තම සැමියාගේ මත්පැන් වීදුරුවට රන් ආලේප කිරීමට යොදා ගන්නා පොරම් නමැති විෂ රසායන ද්‍රව්‍යය දමා ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙලිඅත්ත කොස්ගහගොඩ විසූ රත්නගොඩ බරනාදුගේ ගයාන් චන්දිම කුමාර නමැති 45 හැවිරිදි අයෙකි .

සැකකරුවන් හෙට (26) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි .බෙලිඅත්ත පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *