BREAKING NEWS
Search

තරුණයින් දෙදෙනෙක් අබිරහස් ලෙස මරුට

299

සැකකටයුතු ‍ලෙස මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු දෙකක් දොම්පේ මල්වාන මායිවල ප්‍රදේශයේ කුඹුරක තිබී හමුව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 18 හා 29 වයස්වල පසු වූ නාවලතැන්නවත්ත, රම්බොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

පොලීසිය පැවසුවේ දොම්පේ මල්වාන මායිවල ප්‍රදේශයේ කුඹුරක සිරුරු දෙකක් පාවෙමින් තිබෙන බවට 119 හා 118 යන මධ්‍යස්ථානවලට ලද පැමිණිලි මත විමර්ශන ආරම්භ කළ බවය.

මෙම දෙදෙනා පසුගිය 22 වනදා ඔවුන්ගේ නවාතැන්පොළින් පිටව ගොස් නැවතත් නොපැමිණීම හේතුවෙන් එම නවාතැන්පොළේ සිටි පුද්ගලයෙකු විසින් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

දොම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *