BREAKING NEWS
Search

කසුන් මගේ තාත්තා ජැක්සන් වගේ – තුන්වෙනි පාරටත් ජයටම මගුල් කාපු මාධවී දැන් කියන කතාව

706

“ජීවිතේ එක්තරා තීරණාත්මක තැනකදි එයා හැමදේම අත්හරන්න සූදානම් වුණු වෙලාවක මං තදින් එයාගේ අතින් අල්ලගත්තා. ඒ අල්ලගෙන ‘සුද්දි මං ඔයාට ඉන්නවා, ඔයා මට හරි වටිනවා’ කියලා කිව්වා. එදා එයා මාව තදින්ම විශ්වාස කළා. අපේ ආදර කතාව පටන්ගත්තේ එහෙම, මාව ඒ තරම් විශ්වාය කරලා අතේ එල්ලුනු පෙම්වතිය තව නොබෝ දිනකින්ම මගේ ආදරණිය බිරිඳ වෙනවා…”ඒ ආදරණිය වචන ජනප්‍රිය ලේඛකයෙක්, කවියෙක් සහ ප්‍රකට ගී පද රචකයෙක් වන කසුන් මහේන්දු හීනටිගලගේ.

ඔහු ඒ කතාව කිව්වේ ජැක්සන් ඇන්තනී මහත්තයගේ එකම දියණිය නොහොත් ඔහුගේ ප්‍රාණයම පෙම්වතිය, මාධවී වත්සලා ගැන.

මාධවී සිය පෙම්වතා ගැන මෙසේ ඇසූ පැනයට පිළිතුරු ලබා දුන්නේ මෙහෙමයි.

කසුන්, ජැක්සන් ඇන්තනී මහත්මයා වගෙයි කියලා ගොඩක් අය කියනවා. ඔබටත් එහෙම හිතෙනවාද? කට්ටිය එහෙම කියද්දි ඔබට දැනෙන්නේ මොකක්ද?

අපි පෙම්වතුන් වෙන්න කළින් පවා හුඟක් අය එහෙම කියනවා මම දැකලා තියෙනවා. ඒක මට ගෞරවයක් වගේම අභිමානයක්. එහෙම කියන්නෙ කසුන්ගේ නිර්මාණශීලීත්වය, උගත්කම සහ ලිවීමට ඇති සූරකම නිසා බව මම දන්නවා. නමුත් කසුන් සහ මගෙ අප්පච්චි හිතන පතන විදිය හුඟක් වෙනස්. ඒ දෙන්නා අනන්‍යතාවන් සහිතව පැහැදිලිවම දෙන්නෙක්. එයාට දවසක එහෙම යුග පුරුෂයෙක් වෙන්න මඟ හදන්න මට කරන්න පුළුවන් උදව්වක් මම කරනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *