විදේශ ගමන් බලපත්‍ර සිද්ධියට හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සැකකාරියක ලෙස නම්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව සුදුසු ක්‍රියාමාර්ග ගෙන වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර ඇති බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
සැකකාරිය ඇය පදිංචිව සිටි නිවසින් අතුරුදන්ව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට කරුණු වාර්තාකර තිබේ.




















