BREAKING NEWS
Search

කඩා වැටුණු හෙලිකොප්ටරයේ සුන්බුන් හමුවෙලා ?

705

අතුරුදන් වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ගමන් කළ හෙලිකොප්ටරයේ සුන්බුන් සොයා ගැනීමට, සෝදිසි මෙහෙයුම් සිදු කරන නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් සමත් වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ වනවිට කණ්ඩායම් 73 ක් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු බවට සැක කෙරෙන කදුකර ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම්වල නියැලෙයි. ඝන මීදුම එම මෙහෙයුම්වලට බාධාවක් වී ඇත. හෙලිකොප්ටරය කඩා වැටෙන්න ඇත්තේ ද මෙම ඝන මීදුම නිසා යැයි පැවැසෙයි.

දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවන්නේ ඉරාන රතු අඩකව සංවිධානය සහ ඉරාන හමුදාව එක් වෙමිනි. තුර්කියෙන් තමන්ට ලැබුණු ඩ්‍රෝන යානායකට කඩා වැටුණු බව සැක කෙරෙන හෙලිකොප්ටරයේ සුන්බුන් හමුවුණු බව ඉරාන රතු අඩකව සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඉරාන රජය කිසිවක් පවසා නැත.

මේ අතර ඉරාන රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත්තේ අතුරුදන් වුණු ජනාධිපතිවරයා සහ පිරිස වෙනුවෙන් යාඥා කරන ලෙසටය.

රුසියාව, චීනය සහ ගල්ෆ් සහයෝගීතා සංවිධානය ද ඉරාන ජනාධිපතිවරයා විපතට පත්වීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇතැයි ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *