BREAKING NEWS
Search

පොලිස් නිලධාරීන් ගමන්ගත් යතුරුපැදියක් මතට ගසක් කඩා වැටෙයි..

229
මේ අද උදෑසන අහන්න ලැබුණු කණගාටුදායක පුවතක්..

ඒ කතාව ඇහෙන්නේ අනුරාධපුර ප්‍රදේශයෙන්..

දඹුල්ල පොලිසියට අනුයුක්ත සේවය කරන මාතලය කොට්ඨාස රථවාන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගමන් ගත් යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී තිබෙනවා…

එම අනතුරෙන් බරපතල තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා..

පොලිස් නිලධාරීන් හය දෙනෙකු යතුරුපැදි තුනකින් රාජකාරී කටයුත්තක් සඳහා අද උදෑසන මාතලේ සිට අනුරාධපුර බලා එමින් සිටියදී අනුරාධපුර කවරක්කුලම ප්‍රදේශයේදී මාර්ගයෙහි අසල තිබූ විශාල ගසක් එක් යතුරුපැදියක් මතට කඩා වැටීමෙන් මෙම අනතුරු සිදුව ඇති බවයි වාර්තා වන්නේ..

අප වාර්තාකරු පැවසුවේ සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි..

සිද්ධිය පිළිබඳව කවරක්කුලම පොලිසියේ රථවාහන අංශය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *