BREAKING NEWS
Search

අතුරුදන් වූවායි කියූ කතගේ සිරුර කිරිඇල්ලේ කැලෑවකින් හමු වෙයි

223

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඉකුත් අප්‍රේල් 24 වැනිදා සිට අතුරුදන් වූ කාන්තාවකගේ සිරුරු කොටස් වෙනත් චෝදනාවකට කුරුවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකාර ඝාතකයාගේ මගපෙන්වීම අනුව ඊයේ (15 දා) සවස කිරිඇල්ල හාන්දුකන්ද ප්‍රදේශයේ පරකැලයක තිබී සොයාගත් බව කිරිඇල්ල පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ 58 හැවිරිදි චන්ද්‍රිකා හෙට්ටිආරච්චි නමැති තිදරු මවකි. ඇය ඇහැලියගොඩ ඇරෑපොල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඉකුත් 24 වැනිදා සිට අතුරුදන් වූ මෙම කාන්තාව පිළිබඳ කිරිඇල්ල සහ ඇහැලියගොඩ පොලිසි ඒකාබද්ධව පරීක්ෂණ පැවැත්වූහ. මීට සති දෙකකට පෙර වෙනත් චෝදනාවකට ඇහැලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ 41 හැවිරිදි පුද්ගලයකු මෙයට සම්බන්ධ බවට කිරිඇල්ල පොලිසියේ අපරාධ අංශයට බුද්ධි තොරතුරක් ලැබී ඇත. ඒ මෙම කාන්තව පැළඳ සිටි රන් සුරයක් කිරිඇල්ල නගරයේ ස්වර්ණාභරණ හලකට අලෙවි කළ 28 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් අවස්ථාවේදීය.

ඒ අනුව රත්නපුර අධිකරණ නියෝගයකට අනුව කුරුවිට බන්ධනාගාරයේ සිටි 41 හැවිරිදි ප්‍රධාන සැකකරු බන්ධනාගාර හා කිරිඇල්ල පොලිසියේ නිලධාරින් විසින් රැගෙන විත් කාන්තාව මරා දැමූ ස්ථානය සොයා ගන්නා ලදි. සැකකරු පොලිසියට පවසා ඇත්තේ ගෙල සිරකර මෙම කාන්තාව එදිනම ඝාතනය කළ බවයි. තවද ඇයගේ රන් මාලය හොරණ ප්‍රදේශයේ අයකුට අලෙවි කර ඇති බව ද කියා ඇත.

සිරුර සොයාගන්නා අවස්ථාව වන විට මළ සිරුර දිය වී විනාශ වී තිබී ඇත. සිරුරු කොටස් සතුන් විසින් කා දමා වනයේ තැනින් තැන තිබෙනු දකින්නට ලැබිණි. ඇයගේ ඇඳුමක කොටසක් ඥාතීන් විසින් හඳුනා ගත් බව පොලිසිය පවසයි.

කිරිඇල්ල පොලිසියේ ස්ථානාධිපති චමින්ද පෙරේරා මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඩී.ඩී.එස්. දිසානායක, පො.සැ.28983 උපාලි, පො.කො. 83095 දිනේෂ්, පො.කො. 70165 දේශාන්, පො.කො. 385897 ප්‍රදීප් යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

කිරිඇල්ල – ඩී.කේ. කුමාර




Leave a Reply

Your email address will not be published. Required fields are marked *