BREAKING NEWS
Search

ගෙදරින් මාව එපා කියලා එලෙව්වා මම දැන් සම්පූර්ණයෙන්ම කාන්තාවක් – ශල්‍යකර්මය කළේ තායිලන්තයේ – කොඩි ගහ යට රීනා කියන කතාව

620

කොඩි ගහ යට ටෙලි නිර්මාණය හරහා කරළියට ආපූ තවත් ශෝකයේ සුවිශේෂී චරිතයක් තමයි රීනා ද සිල්වා කියන්නේ.ඇය මේ කෙලි නාට්‍ය අනුරාගේ චරිතයක් නිරූපණය කරත් සැබැවින්ම ඇය ඉපදෙන්නේ පිරිමියෙක් විදිහටයි.

නමුත් නොයෙකුත් අභියෝගතා වද වේදනා මැද්දෙ අද වන විට ඇය සංඛාන්ත්‍රික ලිංගික කාන්තාවක් විදිහට සමාජයේ ජීවත් වෙනවා.ඇත්තටම මේක එකපාර සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. ඇය පුංචි කාලෙ ඉඳන්ම ඇයට දැනිලා තියෙනවා ඇය ගොඩක් වෙනස් කියලා.

මේ වෙනස නිසාම ගෙදරින් ඒ වගේම පවුලේ බොහෝ දෙනෙක්ගෙන් ඇයට වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා.හැබැයි අද වන විට ආදරණීය අම්මගේ හයියත් එක්ක ඇයට හැකියාව ලැබිලා තියෙනවා සම්පූර්ණයෙන්ම කාන්තාවක් විදිහට ජීවිතය තුළ ජීවත් වෙන්න. ඇය ඒ ළඟා කරගත්තු ජීවිතය සහ කලින් ගත කළ ජීවිතය ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“දැන් මම සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් සම්පූර්ණයෙන්ම මම දැන් කාන්තාවක් ඒක නිසා පිරිමියෙක් කියන එක අතීතයේ පමණයි.මට මගේ ජීවිතයේ අමුත්තක් දැනුනේ පුංචි කාලෙදිමයි. ඒ අමුත්ත ප්‍රසිද්ධියේ කියන්න බැරි තරමට අසරණ වෙලා තියෙනවා.මගේ යාළුවා මගේ පවුලේ අය මගෙන් ඈත් වෙද්දි ඒ අමුත් හරිම වේදනාවක්.ඇත්තටම ඒවා අමිහිරි පොඩි කාලෙදි එහෙම දැනෙන්නෙ නෑ. එතකොට හිතට මවර වේදනාවක් දැනෙනවා.

මම මේ තීරණයට එන්නේ වයස අවුරුදු දහ අටක් වෙද්දී එය ශල්‍යකර්මය ලේසි නෑ ඒක කායික වගේම මානසික කැපවීමක්.නමුත් ඒ අවශ්‍ය හැම ශල්‍යකර්මයක්ම වෙන්න තායිලන්තයේදී වෛද්‍ය කපිල රණසිංහ සහ එරට වෛද්‍ය කණ්ඩායමට ස්තූතිවන්ත වෙන්න ඇය ශල්‍යකර්මයෙන් පස්සේ මම ආයෙත් ඉපදුණා. ඒ වෙලාවෙදිත් මට උපතේ හයිය වුණු මගේ අම්මා ළඟින්ම හිටියා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *