BREAKING NEWS
Search

මත්ස්‍ය භක්ෂක ලොකුම මාළුවා විජ­ල­න­යෙන් මරුට

513

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මත්ස්‍ය­යින් අනු­භව කරන ලංකාවේ විශා­ලම මත්ස්‍යා ලෙස සැල­කෙන පැල්ම­ඬුල්ලේ මැණික් පතල් ව්‍යාපා­රි­ක­ය­කුගේ නි‍ෙවසේ මින් මැදු­රක ඇති කළ මන්නයා නොහොත් ඇර­ෆ­යිමා මාළුවා ඊයේ (15) මිය ගොස් තිබේ. මෙම අපූරු මත්ස්‍යා සමාජ මාධ්‍ය ඔස්සේ පසු­ගිය කාලයේ ජන­ප්‍රි­යව තිබිණි.

මෙම මාළුවා අඩි අටක් දිග වන අතර වට ප්‍රමා­ණය අඩි තුනකි. ඌ වයස අවු­රුදු 13ක් බව මාළු­වාගේ හිමි­කරු පැව­සීය.

පැල්ම­ඬුල්ල, රිල්හේනේ සුරංග විජ­ය­රත්න මහ­තාගේ පෞද්ග­ලික මින් මැදුරේ මෙම මාළුවා ඇති කෙරුණු අතර ඌගේ ආහාර සඳහා කුඩා මුහුදු මත්ස්‍ය­යන් කිලෝ ගණ­නින් දින­පතා ලබාදී තිබිණි.

ඇර­ෆ­යිමා නම් මෙම මාළුවා මිය­ගොස් ඇත්තේ ඌට වෙන­මම ඉදි­ක­රන තිබූ දැවැන්ත ටැංකියේ ජලය පිට­වෙන ස්ථාන­යෙන් හදි­සියේ ජලය පිට­වී­මෙන් පසුව බව නිවැ­සියෝ පව­සති.

සුරංග විජේ­රත්න මහතා විනෝ­දාං­ශ­යක් ලෙස සුර­තල් මාළුන් ඇති කර­න්නෙකි.  ඔහුගේ මින් මැදුර නැර­ඹී­මට පාසල් සිසු­හුද පැමි­ණෙති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *