BREAKING NEWS
Search

ආණ්ඩුවේ ලොක්කෙක් ගුවන්තොටේ යකා නටයි – සේවකයකුගේ කනටත් ගහලා

174

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කටුනායක ගුවන්තොටුපළට පැමිණි ආණ්ඩුවේ තනකුරක් දරන දේශපාලකයකු ගුවන් මගීන්ගේ ගමන් මලු එහා මෙහා ගෙන යන සේවකයකුගේ (පෝටර්) කනට ගසා ආරක්ෂක නිලධාරින් කිහිප දෙනකුට බැන තර්ජනය කර ලොකු කලබලයක් කර පිටව ගොස් ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.

මෙම දේශපාලකයාගේ බිරිඳ ඇතුළු කිහිප දෙනකු විදෙස් සංචාරයකට යෑම සඳහා කටුනායක ගුවන්තොටුපොළට පෙරේදා අලුයම් කාලයේ පැමිණ ඇතැයි කියයි.

රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන් කටුනායක ගුවන් තොටුපොළට ඇරලවීම සඳහා සිය ආරක්ෂකයන් ද පිරිවරාගෙන පැමිණ ප්‍රවේශපත්‍ර මිලදී නොගෙන ප්‍රධාන දොරටුවෙන් ගුවන්තොටුපොළට ඇතුළු වීමට ගොස් ඇතැයි ගුවන් තොටුපළේ උසස් නිලධාරීහු කිහිප දෙනෙක් පැවැසූහ.

ආරක්ෂකයන් ගිනි අවිවලින් සන්නද්ධව සිටි නිසා ඒවා රැගෙන යාමට ඉඩ දිය නොහැකි බව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් එම දේශපාලකයාට දැනුම් දී ඇතැයි කියති.

ඒම අවස්ථාවේ ඔහු ගුවන් තොටුපොළ ආරක්ෂකයන්ටද බැණ වැදී ඇතැයි කියන මෙම දේපාලකයා ඔහුගේ ගමන වැළැක්වූ බව කියන ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනාගේ ඡායාරූප ද සිය ජංගම දුරකථනයෙන් ලබාගෙන තිබෙන බව එම උසස් නිලධාරීහු කීහ.

ඔහු සමග පැමිණි අයගේ ගමන් මලු ගුවන් තොටුපොළට රැගෙන යෑම වෙනුවෙන් පෝටර්වරයාවරයාට අඩුවෙන් මුදල් ලබාදීම නිසා ඔහු නියමිත ගාස්තුව දේශපාලකයාගෙන් ඉල්ලා ඇතැයි ගුවන් තොටුපොළෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

එයින් කුපිත වූ බව කියන දේශපාලකයා එම පෝටර්වරයාගේ කකුල සපත්තුවෙන් පාගා ඔහුගේ කණට වැරෙන් පහරක් ගසා ආරක්ෂකයන් සමග පිටව ගොස් ඇතැයි ද ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පැවැසීය.

පහර කෑමට ලක්වූ බව කියන පෝටර්වරයා දේශපාලනඥයාට ඇති බිය නිසා සහ අනවශ්‍ය කරදර ඇති වේ යැයි සිතා මේ ගැන පොලිසියට පැමිණිලි කිරීමට ගොස් නොමැති බව පැවැසේ.

දේශපාලකයාගේ මෙම ක්‍රියාව ගුවන් තොටුපොළ පුරා පැතිර යෑමට වැඩි වේලාවක් ගත නොවූ අතර මෙම සිද්ධිය මේ වනවිට ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇතැයි කියති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *