BREAKING NEWS
Search

ධාවනය වු ලංගම බසයේ රියදුරු අසුනේම මිය ගිහින් – බස් රථය ප්‍රපාතයට පෙරළී නොගොස් බේරුණු හැටි

1303

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

නුවරඑළියේ සිට තලවකැලේ හරහා නාවලපිටිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක රියදුරෙකු බස් රථය ධාවනය වෙමින් තිබියදීම හදිසියේ ඇති වු අසනීපයකින් රියදුරු අසුනේදීම ජීවිතක්ෂයට  පත්ව  ඇතැයි  ලිඳුල පොලීසිය පවසයි.

මාර්ගයේ ධාවනය වෙමින් තිබු බස් රථය ප්‍රපාතයට පෙරළී නොගොස් බේරී ඇත්තේ අනු නවයෙන් බවත්, බස් රථය ප්‍රපාතය පාමුල කොන්ක්‍රීට් බැම්මක් මත ගැටීමෙන් නැවතී තිබු බවත් පොලීසිය කියයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අටබාගේ, ඉහළගම, මැදකොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි සුරංග අරුණසිරි අත්තනගේ (47) නැමැති  නාවලපිටිය ලංගම ඩිපෝවේ රියදුරෙකු ලෙස කටයුතු කරන ලද අයෙකි.

නුවරඑළිය- තලවකැලේ මාර්ගයේ ලැමලියර් ප්‍රදේශයේදී බස් රථයේ රියදුරා බස් රථය ධාවනය කරමින් සිටියදී ඇති වු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

බස් රථය කාර්මික දෝෂයකට ලක්ව රියදුරා හා කොන්දොස්තරවරයා පමණක් එම අවස්ථාවේ පැමිණ ඇති බව ලිඳුල පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක සිසිර කුමාර මහතා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *