BREAKING NEWS
Search

ඉරාජ් මල්ලි ඔයා ඔයාගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න – ඉරාජ් – සුදා වලිය ඉවරයිද?

168

කලාකරුවන් දෙදෙනෙක් හැටියට ක්ෂේත්‍රයේ බොහෝ අවස්ථාවන්වලදී නොයෙකුත් දෙනාගේ අවධානයට ලක්වුණු පුද්ගලයන් දෙදෙනෙක් තමයි ඉරාජ් වීරරත්න සහ සුදත්ත තිලකසිරි.

සුදත්තට බොහෝ දෙනෙක් කතා කරන්නේ සුදා කියල.මේ දෙන්නම දේශපාලන පක්ෂ ගැඹුරින් විවේචනය කිරීම නිසා බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වුණා

ඒවගේම තමයි ඉරාජ් සහ සුදා කියන්නේ එකිනෙකට වෙනස් දේශපාලන මත දරන දෙන්නේ.

ඒ නිසාම පසුගිය දවසක මේ දෙන්නා දෙන්නටම විරුද්ධව විවිධ දෝෂාරෝපණ එල්ල කරගෙන තිබුණා.

එය අතර ඉරාජ් සුදාට ප්‍රසිද්ධියේම ස්වර්ණවාහිනිය විකාශය වන හිත ඉල්ලන තරු රූපවාහිනී වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා ආරාධනාවක් කළා.

මේ ආරාධනාව මේ වැඩසටහන මෙහෙයවන නිවේදකයා විසින් සිදු සිදු කළත් ඉරාජ් ඒ අවස්ථාවට සම්බන්ධ වුණත් සුදා ඒ අවස්ථාවට සම්බන්ධ වුණේ නැහැ.

ඔහු වෙනම වීඩියෝවක් නිකුත් කරලා කියලා තිබුණේ ඉරාජ් වගේ මිනිස්සුත් එක්ක එකට වාඩිවෙලා ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන්වල කෑගහන්න ඔහු කැමති නෑ කියලයි.

හැබැයි ඉරාජ් මේ වැඩසටහනට සම්බන්ධ වුණා.

ඔහු සෑම අවස්ථාවකදීම සුදාට වැඩසටහනට එන්න කියලා තමයි ආරාධනා කළේ. හැබැයි කිසිම අවස්ථාවක සුදා වැඩසටහනට ආවේ නැහැ.

සුදා කැමරා ටිකක් අරගෙන ගිහින් වැඩසටහන විකාශය වන පරිශ්‍රය ගාවට ගිහින් ඉරාජ්ට පල්ලෙහාට එන්න කියලා ආරාධනා කරලා තියෙනවා.

හැබැයි live වැඩසටහනක හිටපු ඉරාජ් පහළට ගිහින් සුදාව හම්බවෙන්න කැමති වුණේ නෑ.

මේ අතරවාරයේ සුදත්ත විසින් මුහුණුපොතට තව වීඩියෝවක් එකතු කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *