BREAKING NEWS
Search

ස්ලෝවැකියානු අගමැතිට වෙඩි තබයි

140

ස්ලෝවැකියානු අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝට නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබනු ලැබ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් අග්‍රාමාත්‍යවරයාගේ හිසට සහ උදරයට තුවාල සිදුවී ඇති බවත් අග්‍රාමාත්‍යවරයාගේ ජීවිතයට ඉන් තර්ජනයක් එල්ල විය හැකි බවත් එරට මාධ්‍ය පැවැසුවේය.

මීලඟ පැය කිහිපය අග්‍රාමාත්‍යවරයාගේ ජීවිතයේ තීරණාත්මකම පැය කීපය වනු ඇතැයි එරට මාධ්‍ය පෙන්වා දුන්නේය.

වෙඩි වැදුණු අග්‍රාමාත්‍යවරයා ඔහුගේ ආරක්ෂකයන් විසින් නිල රථයෙන් ළඟම පිහිටි රෝහලක් වෙත රැගෙන ගොස් ලැබ ඇති බවත් එහිදී ඔහුව ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.

අග්‍රාමාත්‍යවරයා රෝහලට රැගෙන එන විට ඔහුට සිහිය තිබූ බවත් ශල්‍යකර්මයෙන් පසුව ඔහුව අගනුවර රෝහලක් විතර රැගෙන යාමට නියමිත බවත් ස්ලෝවැකියානු මාධ්‍ය සඳහන් කළේය.

සිද්ධිය සිදුවූ ස්ථානයේදී තුවක්කුකරුවත් අඩංගුවට ගැනීමට ස්ලෝවැකියා පොලිසිය සමත් වී ඇතත් ඔහුගේ අනන්‍යතාවය මාධ්‍ය වෙත හෙළි කර නොමැත.

එසේම වෙඩි තැබීමට හේතුවද මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බව ස්ලෝවැකියානු පොලිසිය ප්‍රකාශ කළේය.

සිද්ධිය ඇසින් දුටුවකු ස්ලොවැකියානු පොලිසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයාට තුන් හතරවතාවක් තුවක්කුකරු වෙඩි තැබූ බවත් වෙඩි ප්‍රහාරයට ලක්වූ අග්‍රාමාත්‍යවරයා මාර්ගයේ ඇද වැටුණු බවත්ය.

අග්‍රාමාත්‍ය ෆිකෝ රුසියානු හිතවාදියෙකු ලෙස ප්‍රකටය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *