මෙ කියන්න යන්නේ අන්න ඒ සිද්ධිය ගැන ඇහෙන අලුත්ම කතාවයි..
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සිඟිති සහ ඔහුගේ බිරිය පොලිසියට භාරකරන බව පවසා පොලිසිය නොමග යවා ඔවුන් දෙදෙනාව අධිකරණයට භාරකරවා ඇත්තේ ද එම විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා බව විමර්ශනයට සම්බන්ධ උසස් පොලිස් නිලධාරියෙක් පවසා තිබුණා..
මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන සිඟිති වයඹ පළාතේ ප්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනෙකු සමඟ ඉතා කිට්ටුවෙන් ඇසුරුකරන අයකු බව ද විමර්ශනවලින් පෙනී ගොස් ඇති අතර, නීතිඥවරුන් ද වන වයඹ පළාතේ ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනෙකුගෙන් සිඟිති නීති උපදෙස් ද ලබාගෙන ඇති බවට තොරතුරු පොලිසියට තොරතුරු ලැබී තිබුණා.. දුරකතන ජාල විමර්ශනයකදී අදාළ දේශපාලනඥයන්ට සිඟිති එම දිනවල එක දිගට දුරකතන ඇමතුම් ලබාදී ඇති බව ද පැහැදිලිව අනාවරණය වී තිබුණා..
එසේ සිඟිති විසින් ඇමතුම් ගත් වයඹ පළාතේ හිටපු මහ ඇමතිවරයකු වන නීතිඥ අතුල විජේසිංහ මහතාගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.. ඒ අනුව ඉදිරියේදී අනෙක් දේශපාලනඥයාගෙන් ද ප්‍රකාශ සටහන්කර ගැනීමට පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියා පවසා තිබුණා..
පොලිස් තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අය අතර ප්‍රධාන සැකකරු සිඟිති, සිඟිතිගේ බිරිඳ හා සිඟිතිගේ මවුපියන්ද ඇතුළත්..
විමර්ශනවලින් හෙළිවී ඇති ආකාරයට අනුව සුසිත් ජයවංශ නැමැති තරුණයා වස්සාවුල්ලේ නිවසට කැඳවා ප්‍රශ්න කිරීමකට ලක්කර ඇති බවයි…
එහිදී සිඟිතිගේ දියණිය විවහා කර ගැනීමට මෙම තරුණයා සිය අකැමැත්ත ප්‍රකාශ කිරීමෙන් අනතුරුව තරුණයාව කාමරයකට දමා පහරදී ඇති බව ද අනාවරණය වී තිබුණා… එම පහරදීම සිදුව ඇත්තේ රේඩියෝවේ ශබ්දය වැඩිකර තරුණයාගේ කෑ ගැසීම් හඬ නොඇසන ලෙස බව ද පොලිසිය පවසනවා..
අනතුරුව තරුණයාව මෝටර් රථයෙන් නංවාගෙන ගොස් ඇත්තේ වත්තම්කරගෙනයි.. ඒ වන විට තරුණයා මියගොස් සිට නැති බවට ඇසින් දුටු සාක්ෂියක් ද පොලිසියට මේ වන විට ලැබී ඇති බව සඳහන්… එම සාක්ෂිය ප්‍රබල සාක්ෂියක් බවට මේ වන විට පත්ව ඇතැයි ද පොලිසිය පවසනවා..
සුසිත් ජයවංශගේ පෙම්වතිය බව කියන සිඟිතිගේ 18 හැවිරිදි දියණිය මේ සිදුවීම වන විට නිවසේ සිට ඇති බවට ද තොරතුරු අනාවරණය වන්නේ යැයි පොලිසිය පවසනවා..
මෙම සිදුවීමෙන් අනතුරුව වෑන් රථයකින් සිඟිති සිය දරුවන් සමඟ පලාගොස් තැන තැන සැඟවී සිට අවසානයේදී බිරිඳ සමඟ කුලියාපිටිය අධිකරණයට භාරවී ඇත්තේ නීති උපදෙස් මතයි..
ඔහුට ඒ සඳහා නීතිඥ සහාය ලබාගැනීමට අවශ්‍ය උපදෙස් දේශපාලනඥයන් දෙදෙනාගෙන් අයෙක් විසින් ලබාදී ඇති බවත් එම උපදෙස්වලට අනුව සිඟිති සහ ඔහුගේ පවුලේ උදවිය හැසිරෙමින් සිටිනු දැකිය හැකි බව ද පොලිසිය පවසනවා..
සිය දියණිය සුසිත් අතින් 55 වතාවක් දූෂණය වූ බව පැවසීමත්, මීගමුවේ නිෙවසක රැඳී සිටියදී සුසිත්ගේ පෙම්වතිය වන සිඟිතිගේ දියණිය අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇය විසින් කරන ප්‍රකාශයත් නීති උපදෙස් මත සිදුවන්නක් බව පෙනී යන බවත් මේ සෑම දෙයක් ගැනම පොලිසිය විමසිලිමත්ව විමර්ශන පවත්වන බවත් උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා..
දිනමිණ පුවත්පත ඇසුරෙන්..



















