BREAKING NEWS
Search

නකල්ස් මහ කැලයේ මුහුණු පොත සාදයක් වටලයි – කෙල්ලෝ 5යි කොල්ලෝ 17

422

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

නකල්ස් රක්ෂිතයේ අනවසරයෙන් ගිනිමැල පත්තුකරමින් කූඩාරම් ගසාගෙන සිටි තරුණියන් 5 දෙනකු සහ තරුණයන් 17 දෙනකු පෙරේදා (12) අත්අඩංගුවට ගත් බව හුන්නස්ගිරිය අඩවි වන නිලධාරී කාර්යාලය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරවෙල, කොළඹ, බදුල්ල, මහනුවර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර අවුරුදු 20 ත් 30 ත් අතර පසුවන තරුණ තරුණියන් බව එම අඩවි වන නිලධාරී කාර්යාලය කියයි.

මෙම කණ්ඩායමේ විශ්ව විද්‍යාල සිසුන්,  ආරක්ෂක අංශයට සම්බන්ධ යැයි කියන පුද්ගලයකු සහ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු පුද්ගලයන් ද සිටින බවට අනාවරණය වී තිබේ.

මෙම කණ්ඩායමේ කිහිප දෙනකුගේ සම්බන්ධීකරණයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරුණ තරුණියන් මෙම කූඩාරම් ගැසීමට සම්බන්ධවී නකල්ස් රක්ෂිතයට මෙසේ  අනවසරයෙන් ඇතුළුවී ඇති බව උසස් අඩවි වන නිලධාරියෙක් කීය.

මෙම කණ්ඩායම ඉකුත් (11) දා රාත්‍රියේ නකල්ස් රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී මෙසේ කූඩාරම් ගසාගෙන සිට ඇති අතර සංරක්ෂිත රක්ෂිතය ඇතුළත ගිනි මැල දල්වා සාද පවත්වා ඇති බවත් අඩිවි වන නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *