BREAKING NEWS
Search

මගේ පෞද්ගලික ජීවිතය හරිම සරල ජීවිතයක්. ඒක මාධ්‍ය ඉස්සරහා ප්‍රසිද්ධ කරන්න මට ඕනි නැහැ – උද්දික

325

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

උද්දික ප්‍රේමරත්න කියන්නේ රංගනවේදියෙක් එවගේම නිවේදකයෙක් ඊටත් අමතරව ගායකයෙක් වශයෙන් කටයුතු කරන චරිතයක්.

උද්දික ගැන කතා කරද්දි පසුගිය දවසක විකාශය අවසන් වුන නිර්මාණයේ අපූරු චරිතයකින් ප්‍රේක්ෂකයන් හමුවට ඔහු ආවා.

ඊට අමතරව සිනමා නිර්මාණ රැසකිනුත් උද්දිකව අපිට දැක බලා ගන්න අවස්ථාව ලැබුණා.

ඔහු ගැන කතා කරද්දි ඔහු මුලින්ම සංගීත කණ්ඩායමක් එක්ක එකතු වෙලා තමයි වැඩ කටයුතු කළේ.

පසුව තමයි ඔහු කලාවත් එක්ක සම්බන්ධ වුණේ.

එතෙක් මෙතෙක් ආ ගමන් මග තුළ බොහෝ දෙනෙක්ගේ හදවතේ ඉහළින්ම ඉන්න චරිතයක් බවට අද ඔහු පත්වෙලා.

ඒ වගේම ඔහු අති දැවැන්ත දේශපාලන චරිතයක් විදියටත් ජනතාවට සේවය කරනවා කෙසේ නමුත් බොහෝ දෙනෙක් ඔහුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව තොරතුරු දැනගන්න උවමනාවෙන් ඉන්නවා.

හේතුව උද්දික කවදාවත් පෞද්ගලික ජීවිතය මාධ්‍යය ඉස්සරහට ගෙනාපු නැති නිසා.

ඒ සම්බන්ධයෙන් අහපු අවස්ථාවකදී ඔහු කිව්වේ මේ වගේ කතාවක්.

“මගේ පෞද්ගලික ජීවිතේ හරිම සරල එකක්. ඒක මාධ්‍ය ඉස්සරහ උත්කර්ෂයෙන් වර්ණනා කර කර ඉඳීමේ වුවමනාවක් මට දැනිලා නැහැ. ඕනෑම පවුලක අප්‍රමාණ බැඳීම් සහ වටිනාකම් තියෙනවා. ඒත් ඒවා ගැනම කියවමින් ඉන්න අවශ්‍ය නැහැ නේද? මගේ බිරිඳ අනූෂා පන්නල. ඇය වෘත්තියෙන් ගුරුවරියක්. ඇය මාව ඉතාම හොඳින් තේරුම් ගත්ත කෙනෙක්. මගෙ පුතා අංශ්. ඔවුන් එක්ක බැඳුණු හරිම සරල ජීවිතයක් මං අත්විඳිමින් ඉන්නවා. මගෙ නිර්මාණවල රසය මිනිස්සු අත්විඳිනවා නම් ඒ හොඳටම ඇති. පෞද්ගලික ජීවිතේ කියන්නෙ නිර්මාණයක් වගේ රඟදක්වන එකක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ. සමහරවිට මම හිතනවා වැඩිද දන්නෙත් නැහැ, ඒත් මට හැඟෙන්නෙ එහෙමයි.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *