BREAKING NEWS
Search

සිසුවිය අපයෝජනය කළ සිසු සැරිය රියැදුරා

193

පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් මෝටර් රථයකදී පහළොස් හැවිරිදි පාසල් සිසුවියකට බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන සිසු සැරිය බස් රථයක 32 හැවිරිදි රියදුරකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේම පදිංචි රියදුරකු වන අතර මොහු එම සිසු සැරිය බස් රථයේ අයිතිකරුද වන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මොහු දෙදරුපියකි.

මෙම සිසුවිය සිසු සැරිය බස් රථයෙන් නිතිපතා පාසල් යන අතර සැකකාර රියදුරා මෙම බාල වයස්කාර සිසුවිය රවටා ඇයත් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැනගැනීමට ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *