BREAKING NEWS
Search

සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේත් අවුලක් – විභාගය නැවත පැවැත්වීමේ සැලැස්මක්?

508

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පසුගිය දා පැවති විද්‍යා විෂයට අදාළ ප්‍රශ්න පත්‍රය ප්‍රතිසාධන සැලසුමට පරබාහිරව සකස් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මන්ත්‍රීවරයා චෝදනා කරයි.

අද මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා චෝදනා කර සිටියේ විද්‍යා විශයට අදාල ප්‍රශ්න පත්‍රය බහුවරණ කොටස් තුනකට සහ රචනා ප්‍රශ්න තුනක කොටස් සම්බන්ධයෙන් ප්‍රතිසාධන සැලැස්මට පරිබාහිරව ප්‍රශ්න පත්‍රය සකසා ඇති බවයි.

ඒ පිළිබඳ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ,

“11 ශ්‍රේණිය සහ 12 වන ශ්‍රේණිය සඳහා 2022 වර්ශයේ අහිමිවූ කාලය සඳහා ප්‍රතිසාධන සැලැස්ම නමින් අද්‍යාපණ අමාත්‍යංශය මඟින් ප්‍රශ්ණ පත්‍ර සකස් කිරීම සඳහා පැහැදිලි චක්‍රලේඛයක් ඉදිරිපත් කර තිබුනද අපිට දැනගන්න ලැබුණා බහුවරණ ප්‍රශ්න තුනකට සහ රචනා ප්‍රශ්න තුනක කොටස් සම්බන්ධයෙන් ප්‍රතිසාධන සැලැස්මෙන් බාහිරව ප්‍රශ්න පත්‍ර හදලා තියෙනවා කියලා ඒ සම්බන්ධයෙන් මම විභාග කොමසාරිස් ජනරාල් වරයාගෙන් විමසීමක් කළා, එතුමා කිව්වේ විභාගයෙන් පස්සේ ප්‍රගති සමාලෝචනයක් පවත්වනවා එහිදී නිරීක්ෂණය වූ කාරණා 6ක් සම්බන්ධයෙන් දරුවන්ට අසාධාරණයක් නොවීමට කටයුතු කරනවා කියලා.

නමුත් අපිට තියන ගැටලු‍ව ඒක නෙවේ, අධ්‍යාපන අමාත්‍යංශය සහ රජය ඒ වගේම අදාළ ඒ නියාමන ආයතන සියල්ලම පැහැදිලිව ලිඛිතව චක්‍රලේඛ මගින් නිර්දේශ උපදෙස් ලබා දීලා තියෙද්දිත් මේ වගේ යම් යම් අත පසුවීම් වීම් වෙනවනම් ඉතිං අපිට ඒ ගැනත් සලකා බලන්න වෙනවා”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *