BREAKING NEWS
Search

මැලේසියාවේදී බොයිලේරුවක් ඇඟට පෙරැළි මිය ගිය තරුණයාගේ සිරුර ගෙන එයි

436

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මැලේසියාවේ අවන්හලක සේවය කරමින් සිටියදී බොයිලේරුවක් ඇඟට පෙරලී මිය ගිය තරුණයාගේ සිරුර ඔහු පදිංචි ශ්‍රී ලංකාවේ මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, මොටින්හෑම් කොටසේ නිවසට රැගෙන ආ බව මස්කෙළිය පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ, රාජ්කුමාර් ඩේවිඩ්සන් නැමති (24) හැවිරිදි අවිවාහක තරුණයෙකි.

මෙම තරුණයා දැනට වසර එක හමාරකට පමණ ප්‍රථම මැලේසියාවේ රැකියාවකට ගොස් ඇත.

එහිදී ඔහු අවන් හලක සේවය කරමින් සිටියදී ලිස්සා වැටීමට ගිය අවස්ථාවේ උණුවතුර සහිත බොයිලේරුවක අත ගැටි ඔහුගේ ඇඟ මතට එම බොයිලේරුවේ උණුවතුර වැටීමෙන් බරපතල පිළිස්සුම් තුවාල ලබා තිබේ.

ශරීරයේ වැඩි කොටසක් උණුවතුරට පිලිස්සීයාම නිසා බරපතල තුවාල සහිතව මැලේසියාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවෙද්දී මිය ගොස් ඇති බව මරණකරුගේ ඥාතීහූ පැවසූහ.

මිය ගිය අයගේ අවසන් කටයුතු අද (12) බ්‍රන්ස්වික් තේ වතුයායේ, මොටින්හෑම් කොටසේ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *