BREAKING NEWS
Search

පාසල් සිසුවියක් දරුවකු බිහි කර රෝහලේ දමා ගිහින්

390

යාපනයේ පාසල් සිසුවියක දරුවකු ප්‍රසූත කර රෝහලේ දමා පලා ගොස් ඇතැයි යාපන රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

සිසුවිය සිය මව සමග රෝහලට ඇතුලත්වී ඇති අතර එහිදී ඇය දරුවා ප්‍රසුත කොට තිබේ. පසුව සිසුවිය හෝ මව දරුවා අසල නොසිටි බැවින් රෝහල් කාර්යය මණ්ඩලය ඒ පිළිබද සොයා බලා තිබේ.

අදාළ සිසුවිය හා ඇගේ මව දරුවා දමා රෝහලෙන් පලා යන්නට ඇති බවට සැක කෙරෙන අතර රෝහල් බලධාරීන් මේ පිළිබද යාපනය පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *