BREAKING NEWS
Search

චාල්ස් රජුගේ කාලසටහන ඇතුළේ ඔහුට ඉඩක් නැතිලු.. තනිව බ්‍රිතාන්‍යයට ආ හැරී කුමරුට මොකද මේ වුණේ…?

171
ඔහු රාජකීය පවුලේ ආන්දෝලනාත්මක චරිතයක්..

හැමදාමත් වගේ කතා මවන හැරී කුමරු ගැන අහන්න ලැබුණ අලුත්ම ආරංචිය තමයි මේ..

හැරි කුමරු පසුගිය දවසක බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා එක්ව තිබුණා.. ඉන්වික්ටස් ක්‍රීඩා උළෙලේ 10 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැති උත්සවයකට එක්වීමටයි..

හැරී කුමරු විසින් මීට වසර 10කට පෙර , එනම් 2014දී මෙම ක්‍රීඩා උළෙල අරඹා තිබුණේ ආබාධිත රණවිරුවන් වෙනුවෙන් වීම විශේෂිතයි..

කොහොම වුණත් මේ ගමනේදී අසනීපව සිටින චාල්ස් රජු බලන්නත් හැරී කුමරු අමතක කර නැහැ.. ඒත් රජුගේ කාර්‍යබහුල කාලයෙන් වෙලාවක් වෙන්කරවා ගන්න හැරී කුමරුව බැරි වෙලා..

ඒත් ඔහු පවසා ඇත්තේ අසනීප වූ රජුගේ සුවදුක් විමසීමට ඔහු තවත් නොබෝ දිනකින් බ්‍රිතාන්‍යයට පැමිණෙන බවයි..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *