BREAKING NEWS
Search

මම ඔයාට හොඳ ජොබ් එකක් දෙන්නම්.. මාව මුණගැහෙන්න ගෙදරට එන්න – කෝටිපති ව්‍යාපාරිකයාගේ දැලට හසුවූ සුරූපී තරුණියට අත්වුණේ කවුරුත් නොසිතූ ඉරණමක්..

8293

ඒ හමුවීම වෙලා තියෙන්නේ තවත් අහම්බයකින්.. ඇය විවාහක කාන්තාවක් කියන එකත් ඔහු දැනගෙන ඉඳලා..

වට්ස්ඇප් පණිවිඩයකින් දුර දිග ගිය කතාව මෙහෙම තැනකින් කෙළවර වේවි කියලා ඇය හීනෙකින්වත් හිතන්නේ නැතුව ඇති..

මේ කියන්න යන්නේ කවුරුත් නොසිතන ඒ සිදුවීම ගැනයි.. ඔහු ප්‍රබල ව්‍යාපාරිකයෙක්.. ඒ වගේමයි ඔහු සතු මිල මුදල්වලට තරුණියන් ලේසියෙන් නතු කරගන්නත් ඔහු රුසියෙක්..

ඒත් මේ සෙල්ලම් ඔක්කොම අවසානයේදී පොලිස් දැලට හසු වෙලා.. ඉහළ වැටුපක් ලබාදී විධායක තනතුරකට පත්කරන බවට පොරොන්දු වී සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවාගත් තරුණ විවාහක කාන්තාවකට බරපතළ ලිංගික අපයෝජනයක් කළ පුවතක් කොල්ලුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා..

වට්ස්ඇප් ඔස්සේ එම ව්‍යාපාරිකයා පැමිණිලිකාර කාන්තාව හඳුනාගෙන ඇති බවත් සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන ලෙසට ඔහු කළ දැනුම්දීමක් අනුවයි ඇය මොහු මුණගැසීමට පැමිණ ඇත්තේ..

එම තරුණ විවාහක කාන්තාව ඇගේ සැමියා සමග කොල්ලුපිටිය ප්‍රදේශයේ සුඛෝපභෝගි මහල් නිවාස සංකීර්ණයක පිහිටි නිවසකට ගොස් ඇත්තේ පෙර ඇයට කළ දැනුම්දීමකට අනුව බවයි පොලිසිය අධිකරණයට කියා ඇත්තේ..

පසුව ඇගේ සැමියාව පහත මාලයේ රඳවා තරුණ විවාහක කාන්තාව උඩුමහලේ පිහිටි කාමරයකට ගෙන ගොස් එකී අපරාධය සිදුකළ බවටද ඇය පොලිසිය හමුවේ පවසා තිබුණා..

කෙසේ වෙතත්,  මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා අවශ්‍ය දුරකථන විශ්ලේෂණ වාර්තා විමර්ශන නිලධාරීන්ට ලබාදෙන ලෙසට කොටුව මහේස්ත්‍රාත්වරයා දුරකථන සමාගම් කිහිපයකට නියෝග කර තිබුණා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *