BREAKING NEWS
Search

සා.පෙළ විභාගයට පෙර හින්දු දෙවොලකට ගොස් වැටි මිය ගිය දරුවා මිය ගොස් ඇත්තේ ඇද වැටීමෙන් නෙවෙයි. මරණ පරීක්ෂණයෙන් හෙළි වූ දේ

915

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඉකුත් 06 දා ආරම්භ වූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වීමට පෙර දේව ආශිර්වාද ලබා ගැනීමට හින්දු දෙවොලකට ගිය පාසල් සිසුවෙකු ඇද වැටී මරණයට පත් වූ පුවතක් බළන්ගොඩ මාරතැන්න ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.

මෙසේ මියගිය හරිනාත් රංජිත් කුමාර (17) නමැති සිසුවාගේ මරණ පරීක්ෂණය බළන්ගොඩ මූලික රෝහලේ පැවති අතර එහිදී සාක්ෂි දුන් දරුවාගේ පියා වූ පොන්නයියා රංජිත් කුමාර නමැති අය මෙසේ පැවසීය.

“සිද්ධිය වූ දින විභාගයට යෑමට සූදානම් වී පුතාත් සමඟ කෝවිලට ගියා. එයට ඇතුළුවන විටම පුතා බිම ඇද වැටුණා. පසුව මම ඔහු නැගිට්ටුවා වතුර පොවා අපි රෝහලට යමු කියා කීවා. පුතා කිව්වා නෑ දැන් අමාරුවක් නෑ කියා පවසන විටම යළි ඇඳ වැටුණා. වහාම මම ත්‍රීවිල් එකක් ගෙන්වා මාරතැන්න ප්‍රාදේශීය රෝහලට ගෙන ගියා. ඒ වනවිටත් පුතා මිය ගොස් ඇති බව වෛද්‍යවරු පැවසුවා.”

මෙහිදී සාක්ෂි මෙහෙයවීම පින්නවල පොලිසියේ පො.සැ. (60507) මිල්ලගහගොඩ මහතා විසින් සිදු කළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය බළන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි අයි. එල්. රත්නායක මහත්මිය විසින් සිදු කළේය. අධිරුධිර පීඩනය නිසා ඇති වූ හෘදයාබාධයකින් සිදු වූ මරණයක් බවට බළන්ගොඩ හදිසි මරණ පරීක්ෂක පත්මේන්ද්‍ර විජයතිලක මහතා තීන්දු කළේ වෛද්‍ය වාර්තා හා සාක්ෂි පදනම් කරගෙනය.

බළන්ගොඩ – එන්.එච්. පියසේන




Leave a Reply

Your email address will not be published. Required fields are marked *