තිලකරත්න ඩිල්ෂාන්ගේ පියා වන තුවාන් මොහොමඩ් ජුනයිඩීන් කළුතර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (07) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අභාවප්‍රාප්ත වන විට ඔහු 71 වැනි වියේ පසුවුණා.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා කළුතරදී සිදුකිරීමට නියමිත බවයි පවුලේ ආරංචිමාර්ග සඳහන් කළේ.


















