BREAKING NEWS
Search

හමුදාවේ හිටපු සැරයන්වරයෙකු පහරදී ඝාතනය කරයි

178

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

තෙඹුවන බේගමුව ප්‍රදේශයේදී හිටපු යුද හමුදා සාමාජිකයෙකු පැහැරගෙන ගොස් පොලුවලින් පහර දී ඝාතනය කර ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 51 හැවිරිදි වියේ පසුවූ හිටපු යුද හමුදා සැරයන්වරයෙකි.

පුද්ගලයින් දෙදෙනෙකු විදෙස්ගතකරන බවට පොරොන්දුවී රුපියල් ලක්ෂ 8ක මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට සැකපළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට එක් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ වංචාවට හසුවූ බව කියන පුද්ගලයින් දෙදෙනා තවත් අයෙක් හා එක්ව මෙම ඝාතනය සිදුකර ඇති බවට සැකපළ කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *