BREAKING NEWS
Search

පුතාගේ ආරවුලට මැදි වූ පියා අවසන් ගමන් යයි

130

උහන හිමිදුරාව ප්‍රදේශයේ නිවසක දී සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ තවත් කාන්තාවක් තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කර ඇති බවය.

මියගොස් ඇත්තේ 53 හැවිරිදි හිමිදුරාව ප්‍ර‍දේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයාගේ පුතා සමග පැවති පැරණි අරවුලක් මත පුද්ගලයින් කිහිපදෙනෙකු නිවසට පැමිණ පහර දී ඇත.

එම අවස්ථාවේ දී පියා ඊට මැදිහත් වී ඇති අතර එහිදී ඔහුට ද එම සැකකරුවන් පහර දී ඇති බව වාර්තා වේ.

පහරදීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට උහන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *