අඩු ආදායම්ලාභීන්ට බෙදූ සහල් නොදුන් ග්‍රාම සේවක නෝනට ගමේ කාන්තාවක් හොඳටම සලකලා..

261

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සෑම රාජ්‍ය සේවකයෙක්ම මහජනතාව වෙනුවෙන් ඉටු කරන්නේ තමන්ට පැවරෙන කාර්‍යභාරයක්..

ඇයත් සිය වෘත්තීය රාජකාරි අරඹන්නට ඇත්තේ එදා සුපුරුදු පරිදිම වෙන්න ඇති..

ඒත් වුණේ කවුරුත් නොසිතන දෙයක්.. අඩු ආදායම්ලාභී ජනතාවට සහල් බෙදාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ සහල් නොදුන් බවට පවසමින් උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස පහරදී ඇත්තේ පනාපිටිය – දකුණ ග්‍රාම නිලධාරී වසම භාර නිලධාරිවරියටයි..
සහල් ලබා නොදීම සම්බන්ධයෙන් එම කාන්තාව ග්‍රාම නිලධාරීවරියගෙන් විමසීමක් කර තිබෙනවා..

පසුව දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුවී ඇති අතර, එහිදියි කාන්තාව ග්‍රාම නිලධාරීවරියට පහරදී ඇත්තේ..

ඇය මේ වන විට පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධියට අදාළ කාන්තාව කළුතර – උතුර පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා..

මේ අතර අඩු ආදායම්ලාභී ජනතාවට සහල් බෙදාදීමේදී ප්‍රතිලාභීන්ගෙන් මුදල් එකතු කළ පුවතක් කටාන ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති වෙත වාර්තා වුණා..

ප්‍රවාහන වියදම් සහ පැටවීමේ වියදම් මෙන්ම සහල් බෙදාදීමේ උත්සවයේ සංග්‍රහ වියදම් සඳහා මෙලෙස රුපියල් 50ක මුදලක් එක් ප්‍රතිලාභියෙකුගෙන් අය කරගෙන ඇති බවටයි අනාවරණ වුණේ…

මේ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ සමෘද්ධි නිළධාරියෙකුගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, ග්‍රාම නිලධාරී වසම් සඳහා සහල් ප්‍රවාහනයට වැඩපිළිවෙලක් රජය විසින් සකස් කර නොමැති බවයි…

ඒ හේතුවෙන් ප්‍රවාහන කටයුතු සඳහා මුදලක් අයකළ බවද ඔහු කියා සිටියා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *