BREAKING NEWS
Search

මත්කුඩු නිසා තමන්ගේම අවුරුදු හතේ දරුවාගේ ජීවිතය උදුරාගත් නරුම පියා

237

දරුවන් වෙනුවෙන් තම ජීවිතයම කැපකරන උත්තම පියවරුන් අතර තාත්තා යන නමටත් නිගා දෙන ඇතැම් පියවරුන්ද සිටී.

මත්කුඩු මිලදී ගැනීමට මුදල් ඉල්ලා බිරිඳ සමග ඇතිකරගත් ආරවුලක් අතරතුර වයස අවුරුදු හතක් වූ තම දරුවා පොළොවේ ගසා බරපතළ තුවාල සිදුකිරීමට තරම් සැහැසි වූ එවන් පියෙකු පිළිබඳව අපට වාර්තා විය.

සිය සැමියා විසින් තම හත් හැවිරිදි දරුවා පොළොවේ ගැසූ බවට මීට දින කිහිපයකට ඉහතදී ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වෙත පැමිණි කාන්තාවක් මෙම පැමිණිල්ල සිදුකර තිබුණි.

එමගින් ඇය සඳහන් කර තිබුණේ තම සැමියා ඉතා තදින් මත්කුඩුවලට ඇබ්බැහිවූවෙකු වන අතර, මත්කුඩු මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලමින් නිරන්තරයෙන් තමන්ට සහ තම දරුවාට හිරිහැර කරන බවය.

සිද්ධිය සිදුවූ  දිනයේ ද තම සැමියා මුදල් ඉල්ලමින් තමන්ට අමානුෂීය ලෙස පහරදුන් අතර ඒ අසලට පැමිණි තම 7 හැවිරිදි දරුවා ඔසවා අමානුෂීය ලෙස පොළොවේ ගැසූ බවද කාන්තාව පොලීසිය හමුවේ පවසා තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති  අතර පොළොවේ ගැසීමෙන් බරපතළ තුවාල ලැබූ දරුවා කොළඹ රීජ්වේ ආර්යා රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටී.

සැකකරු මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම පොලිස් අත්අඩංගුවට පත්වූ පුදගලයෙක් බවද වාර්තා වෙයි.

අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරු මෙම මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *