BREAKING NEWS
Search

මගේ නිරුවත් වීඩියෝ එකක් ආවත් සම්පත්ට ඒක ප්‍රශ්නයක් නෑ කිව්වා… ඒක කියද්දි මගේ ඇස් වලට අදටත් කඳුළු එනවා

1277

කලා ලෝකය තුළ ආකර්ෂණීය රංගන ශිල්පිනියක් විදිහට විවිධ ටෙලි නිර්මාණත් එක්ක සම්බන්ධ වුණු ඇය කොයි කවුරුත් දන්න මහේශී මදුසංකා.පසුගිය කාලසීමාවේදී ඇය පිළිබඳව වැඩි වශයෙන් කතාබහ කරන්න පටන් ගත්තේ ඇය එක්තරා ප්‍රසිද්ධ නාලිකාවක් වෙනුවෙන් විරුද්ධව කතා කරපු නිසයි.

හැබැයි පුංචි කාලේ ඉඳන්ම මහේෂිට අසාධාරණය පේන්න බෑ. ඒ නිසාම ඇය ඒ වෙනුවෙන් කතා කරන්නත් දෙපාරක් හිතන්නෙ නැහැ.ඉතින් ඒ වගේ සිදුවීමක් තමයි පසුගිය දවසකත් සිද්ධ වෙලා තිබ්බේ.කෙසේ නමුත් ඒ සියලු දේවල් එක්ක අද වන විට මහේෂි ආදරණීය සැමියත් එක්ක ජීවත් වෙන්නේ පිටරට ඒ කියන්නේ ඩුබායිවල.

මහේශිගේ සැමියා ගුවන් නියමුවරයෙක් විදිහට වැඩ කටයුතු කරන කෙනෙක්. ඔහුගේ  රැකියාව නිසා තමයි ඇයටත් මේ විදිහට විදෙස් ගත වෙන්න සිද්ධ වුණේ.ඇය හැම වෙලාවෙම ඇයගේ ආදරණීය සැමියා ගැන ගොඩක් ආදරෙන් කතා කරන බිරිඳක්.ඇය ප්‍රාර්ථනා කරන්නේ හැමෝටම ඒ වගේ සැමියෙක් ලැබෙන්න කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් අහපු අවස්ථාවකදී මහේෂි කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“එකතැනකදි නෙවෙයි හැමතැනකදීම මං කියනවා සම්පත් වගේ සැමියෙක් හැම කාන්තාවකටම ලැබෙන්න කියලා. සම්පත් මට හමුවෙද්දි මං එක ප්‍රේම සම්බන්ධයකට රැවටිලා හිටියේ. ඒක අවුරුදු හයහමාරක විතර ප්‍රේමයක්. මුලින්ම සම්පත් මට හොඳ යාළුවෙක් වුණා. මං හැමදේම ඔහුට කිව්වා. පහුගිය දවස්වල ඒ ප්‍රශ්නය ඇති වුණු වෙලාවෙත් මට ආරංචියක් ආවා එඩිට් කරලා මගේ නිරුවත් ජායාරූප වගයක් දාන්න යනව කියලා. මං කවදාවත් කිසිම කෙනෙක් එක්ක ඒ වගේ ජායාරූප ශෙයාර් කරගෙන නෑ. ඒ වෙලාවෙ වුණත් සම්පත් කිව්වෙ මහේෂි, ඇත්තටම ඔයාගෙ ඒ වගේ වීඩියෝ එකක් ආවත් ඒක මට ප්‍රශ්නයක් නැත්නම් අනෙක් අයට කොහොමත්ම ප්‍රශ්නයක් වෙන්න බෑනෙ කියලා. මේ දැනුත් ඒක කියද්දි මගේ ඇස්වලට කඳුළු එනවා. ඒ තරම් විශ්වාසයක් එයාට මා ගැන තියෙනවා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *