BREAKING NEWS
Search

ගිය අය පරෙස්සමෙන්! 25කටම සමාජ රෝග… ඇඟ ලොමු ඩැහැ ගැන්වෙන පොලිසිය කියන අලුත්ම කතාව මෙන්න……

277
පෑලියගොඩ පොලිස් වසමේ දින කිහිපයක් තුළ සිදුකළ වැටලීම්වලින් පොලිසිය භාරයට ගත් වීදි ගණිකාවන් විසි පස් දෙනකු සමාජ රෝගවලට ගොදුරු වී ඇතැයි වෛද්‍ය පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

මෙම කාන්තාවන් පෑලියගොඩ මධ්‍යම වෙළෙඳ සංකීර්ණය, මත්ස්‍ය වෙළෙඳපොළ, පට්ටිය හංදිය, වෙදමුල්ල ඇතුළු ප්‍රදේශවලදී පෑලියගොඩ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අනතුරුව කොළඹ ජාතික රෝහලේදී මෙම කාන්තාවන්ගේ ලේ සාම්පල රැගෙන කරන ලද පරීක්ෂණවලදී මෙම කතුන් විසි පස් දෙනාටම ගොනෝරියා, හර්පීස් වැනි සමාජ රෝග වැළඳී ඇතැයි හඳුනාගෙන තිබෙනවා.

මව් වන විට මොවුන් බන්ධනාගාර රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර හා පුනරුත්තාපන ක්‍රියාවලියකට යොමුකිරීමට අධිකරණය අවසර ලබාදී ඇති බව පෑලියගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.ඒ කළුවිතාරණ සදහන් කළා.

පෑලියගොඩ පොලිස් වසමේ සිට ඇති මෙම කාන්තාවන් ලිංගිකව ඇසුරු කළ පුද්ගලයන් තම ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන ලෙසත් වෛද්‍ය පරීක්ෂණවලට යොමුවන ලෙසත් පෑලියගොඩ පොලිසිය ඉල්ලා සිටිනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *