BREAKING NEWS
Search

ක්‍රිකට් පිත්තක‍ට සිසුවාගේ ජීවිතය උදුරාගෙන

174

පාසල් සිසුන් දෙදෙනකු අතර ක්‍රිකට් පිත්තක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යෑමෙන් එක් සිසුවකුට ක්‍රිකට් පිත්තකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් පිත්තෙන් පහර දුන්නේ යැයි කියන සිසුවකු  සැකපිට අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය සඳහන් කරයි.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ නාවලපිටිය මොන්ටි ක්‍රිස්ටෝ වත්තේ පහළ කොටසේ ස්ටැන්ලි ස්ටෙෆ් ෆිල් නැමති දහතුන් හැවිරිදි පාසල් සිසුවෙකි.

සිසුන් දෙදෙනා පාසල් මිතුරන් වන අතර පසුගිය 23 වෙනිදා මොවුන් දෙදෙනා එම වත්තේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ගිය අවස්ථාවේ ක්‍රිකට් පිත්ත සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත ඇතිවූ බහින්බස්වීමත් දුර දිග යෑමෙන් අනෙක් සිසුවාට ක්‍රිකට් පිත්තකින් පහරදී ඇතැයි පොලිසිය කියයි.

බරපතළ තුවාල ලැබූ සිසුවා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (29) මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *