BREAKING NEWS
Search

උදරයේ ආබාධයක් නිසා රෝහල් ගත කල පාසැල් සිසුවිය දියණියක ප්‍රසුත කරයි

906

කුඩාඔය පොලිස් වසමට අයත් ඇතිලිවැව තෙළුල්ල ජනපදයේ පදිංචි අවුරුදු 15යි මාස 01ක් වයසැති එකොළොස් වන වසරේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවක් ගැබිනියක් කළ 22 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනීමට කුඩාඔය පොලිසිය පරීක්ෂණ ආරම්භකර ඇත.

මෙම දැරිය උදරයේ ආබාධයක් සම්බන්ධයෙන් ඉකුත් (25) වැනිදා හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉකුත් විසිපස් වැනි දින දියණියක ප්‍රසූතකර තිබේ.

ඒ පිළිබඳව කුඩාඔය පොලිසියට රෝහල් පොලිසිය මගින් දැනුම් දීමෙන් අනතුරුව කුඩාඔය පොලිසියේ කාන්තා පොලිස් සැරයන් (1307) රම්‍යා මහත්මිය දැරියගෙන් ප්‍රශ්න කිරීමේදී 2023 ජුනි මාසයේ දිනක දී ගවයන් බලාගැනීමට ප්‍රදේශයට පැමිණ සිටි විසිදෙහැවිරිදි තෙළුල්ල ජනපදය ඇතිලිවැව පදිංචි තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත.

අවස්ථා කිහිපයක දී දැරියගේ නිවසේ කිසිවකු නොමැති අවස්ථා කිහිපයක දී ලිංගික අතවර සිදුකර ඇති බව ප්‍රකාශකර තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

කුඩාඔය පොලිස් ස්ථානාධිපති එස්.ටී.එම් රියාස් මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක




Leave a Reply

Your email address will not be published. Required fields are marked *